Posted by රසික කරුණාත්න | 0 comments

ලොකු ලොකු files පොඩි කරගන්න.ා


                       ඔයාල දන්නා archivers එහෙම ගොඩක් ඇති. WinZip, WinRAR වගේ ඒවා. නමුත් මේවා නොමිලේ දෙන ඒවා නෙමෙයි. Trial එකක් විදියට තමයි ගන්න වෙන්නේ. ඒත් නොමිලේ දෙන එකකින් මේ වැඩ ටික මීටත් වඩා හොදට කරගන්න පුළුවන් නම්? එහෙනම් සෑහෙන්න වටිනවා, නේද. මම අද කියන්න යන්නේ එහෙම එකක් ගැන. අහල ඇති 7-zip කියල එකක්. ඔව්, File compress කරන්න තියෙන tools වලින් හොදම එකක් තමයි 7-zip කියන්නේ. ප්‍රමාණයෙන් පොඩියි, පාවිච්චි කරන්න හරිම ලේසියි. ඒ වගේම decompress කරන files corrupt වීමේ අවස්ථාව WinZip, WinRAR වගේ ඒවාට සාපේක්ෂව ගොඩක් අඩුයි.

             මේකෙන් වැඩ කරන්න ලොකු දැනුමක් හැකියාවක් ඕනේ වෙන්නේ නෑ. සරලවම install කරගන්න. ඊට පස්සේ ඕනෑම file එකක් right click කරාම 7-zip කියල option එකක් පේන්න තියෙයි. අපි හිතමු .zip format එ‍කෙන් තියෙන file එකක් කියල. එතකොට 7-zip option එකට ගියාම තියෙනවා open archive, extract files සහ extract here කියල තුනක්. Open archive එ‍කෙන් පුළුවන් extract කරන්නේ නැතුව compress කරලා තියෙද්දීම ඇතුලේ තිඑන දේවල් බලන්න පුළුවන්. Extract here එ‍කෙන් files ටික එතනටම extract කරගන්න හෝ extract files වලින් අවශ්‍ය ස්ථානය තෝරලා දීල extract කරගන්න. පුළුවන්.


            අනිත් පැත්තට කියනවා නම්, ඒ කිව්වේ මොකක් හරි file එකක් compress කරන්න ඕනේ නම් අදාළ file එක right click කරලා add to archive තෝරන්න. එතන තියෙනවා පොඩි පොඩි option ටිකක්. පලවෙනි දෙක තමයි ටිකක් වැදගත්. ඒ කිව්වේ archive format හා compression level කියන දෙක. Archive format වලට 7z හෝ zip කියන දෙකෙන් එකක් දෙන්න, මොකද අනිත් ඒවා වැඩිය බාවිතයේ නැති නිසා. කැමති නම් වෙන format එකක් පාවිච්චි කරන්න. දෙවැනි option එ‍කෙන් වෙන්නේ file එක කොයිතරම් පොඩි වෙනවද, ඒ සඳහා කොච්චර වෙලාවක් ගත වෙනවද කියන එකයි. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙනවා Password එකක් දානවා නම් ඒ පහසුකම. කොහොමත් මේ ඕන දෙයක් ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන් වෙයි. 

          

0 comments: