04 Nov.
Posted by
රසික කරුණාත්න
|
0
comments
DVD burn කරන්න Nero ඕනෙද?
හරි, මේ DVD burn කරනවා කියන කොටම අපි ගොඩක් දෙනෙක්ට එකපාරටම මතක් වෙන තවත් වචනයක් තියෙනවා. ඔව්, NERO. මොකක්ද Nero කියන්නේ? Nero කියන්නේ ප්‍රධාන වශයෙන්ම DVD burn කිරීම සඳහා යොදා ගන්න software එකක්. ඇත්තටම කියනවා නම් Nero කියන්නේ නිකන්ම වෙළඳ නාමයක් විතරයි. ඒ වැඩේටම යොදා ගන්න තවත් software ඕනේ තරම් තියෙනවා. ඉතින් ඇයි Nero ම හොයන්නේ? Nero මෙච්චර ජනප්‍රිය ඇයි? Nero වල DVD burn කිරීමේ පහසුකම විතරක් නෙමෙයි, තව ගොඩක් දේවල් තියෙනවා. Nero මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒක නිසයි. නමුත් Nero බාවිතා කරන්න පොඩි බාධාවක් තියෙනවා. ඒ තමයි Nero නිදහස් මෘදුකාංගයක් නොවීම. Nero වල මිල ඉතා ඉහලයි. ඒ නිසා කට්ටිය කරන්නේ crack/patch හෝ serials හොයාගෙන පාවිච්චි කිරීමයි. ඒකෙත් වැරද්දක් නෑ. ඒත් ඊට වඩා පහසුවෙන් බාවිතා කරන්න පුළුවන්, නොමිලේ ලබා ගන්නත් පුළුවන් සොෆ්ට් තියෙද්දී ඇයි එච්චර දඟලන්නේ?

දැං කියන්න යන්නේ ඒ වගේ නොමිලේ ලබා ගන්න පුළුවන් බාවිතයට පහසු සොෆ්ට් එකක් ගැනයි. ඒකෙ නම Imgburn. DVD burn කරන්න කියල කිව්වට මේකෙන් තව වැඩ ටිකක් කරගන්න පුළුවන්.ඒ කිව්වේ
දැනට DVD එකකට burn කරන්න පුළුවන් විදියට convert කරලා තියෙන image file එකක් burn කරන්න
Convert කරලා නැති file එකක් convert කරලා burn කරන්න
DVD එකකින් image file එකක් නිර්මාණය කරන්න
සාමාන්‍ය file එකක් image එකක් විදියට convert කරන්න වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ සොෆ්ට් එකෙන් DVD එකක් burn කරලා ඉවර උනාට පස්සේ හරියට burn වෙලාද කියල පරීක්ෂාවක් කෙරෙනවා. 100% විශ්වාසයි. අනිත් එක Imgburn ගැන කියන්න තියෙන දේ තමයි, ඒකෙ ප්‍රමාණය. සම්පුර්ණ සොෆ්ට් එකම 6MB වලටත් වඩා අඩුයි. ඒක නිසා බාගන්නත් ලේසියි. ඔන්න එහෙනම් බාගන්න, මෙතන click කරන්න. පහසුවෙන් බාගෙන, පහසුවෙන් Burn කරන්න. ආ.. තව දෙයක් කියන්න ඕනේ. පොස්ට් එක පුරාම DVD කියල පාවිච්චි කරාට මේකෙන් CD, DVD, HD DVD, Blu-Ray කියන ඕනෑම ජාතියක් එක්ක වැඩ කරන්න පුළුවන්.
0 comments:
Post a Comment