06 Nov.
Posted by
රසික කරුණාත්න
|
0
comments
Data recover කරමු
Recuva කියන්නේ Piriform කියන ආයතනයේ නිර්මාණයක්. මේක freeware එකක් නිසා Piriform site එකෙන්ම බාගන්න පුළුවන් කරදයක් නැතුව. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බාගන්න. බාගෙන ඉන්ස්ටෝල් කරගන්නයි තියෙන්නේ. පාවිච්චි කරන විදිය නම් හොයා ගන්න අමාරුවක් නෑ. මුලින්ම අපිට recover කරන්න ඕනේ file එක මොන ජාතියේ එකක්ද කියල කියන්න ඕනේ, ඒ කිව්වේ පින්තුරද, සින්දුද වීඩියෝද කියල. ඊට පස්සේ ඒ file එක අන්තිමට තිබුනේ කොහෙද කියල දෙන්න ඕනේ. සාමාන්‍ය විදියට delete කරලා ඊට පස්සේ recycle bin එකෙන් remove කරා නම් recycle bin, එහෙම නැතුව කොහේ හරි තියෙද්දී Shift+delete කරා නම් අදාළ ස්ථානය... ඒ විදියට. හැබැයි ඔය option දෙකේදීම මුකුත් තොරතුර නොදී ඉන්නත් පුළුවන්, හැබැයි එතකොට වැඩේ අමාරුයි. දන්නා දේවල් ටික කියලම scan කරන්නයි තියෙන්නේ. එතකොට කාටත් ලේසියි.
සමහර විට තොරතුරු හරියටම දීලත් අවශ්‍ය file ටික ගොඩගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට enable deep scan කියන එකට හරියක් දාල ආයිත් scan කරන්න. මුල්ම පාර ඒ හරිය දැම්මත් කමක් නෑ. ඒත් එතකොට ගොඩක් වෙලාව යනවා. අපරාදෙනේ, සමහර විට ඉක්මනින් කරගන්න පුළුවන් වැඩේට පැය ගානක් නාස්ති කරන එක. හැබැයි මෙහෙමයි. සමහර විට එහෙම කරලත් ගොඩ ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක සොෆ්ට් එකේ වැරද්දක් නම් නෙමෙයි. තාක්ෂණික ගැටළුවක් කියල හිතාගන්න. හේතුව මේකයි. ඇත්තටම අපි file එකක් completely delete කරත් ඒක hard disc එකෙන් අයින් වෙන්නේ නෑ. කොම්පියුටරය එක්ක තියෙන සම්බන්දය අයින් වෙනවා විතරයි. Data recover කිරීමේදී ඇත්තටම වෙන්නේ නැවතත් ඒ file හා computer එක අතර සම්බන්දයක් ගොඩ නැගීමයි. නමුත් සමහර වෙලාවට hard එකේ ඔය කියන data ටික තියෙන තැනට වෙන data ටිකක් දැම්මොත් කලින් data ටික නැති වෙනවා. ඒ නැති වෙන්නේ නම් සම්පුර්නයෙන්මයි. ඒ කිව්වේ ආයි මොනවා කරලා වත් ගොඩ ගන්න බැරි විදියට. එතකොට නම් ඉතින් සොරිම තමා.
0 comments:
Post a Comment