Posted by රසික කරුණාත්න | 0 comments

VITS - MD වෙනුවෙන් අපි කරපු නිර්මාණය

         VITS - MD වෙනුවෙන් අපි කරපු නිර්මාණය පල්ලෙහා තියෙනවා. මේක රූගත කිරීම් කරේ ඵෛතිහාසික තලගම රජමහා විහාරයේ 2012-10-28 පෝය දිනේ. හැබැයි පෝය දිනේ කිව්වට පන්සලේ කවුරුත් නෑ මොකද කියනවනං එදා දවසම පට්ට වැස්ස. ඒ වැස්ස අස්සේ අපි අපේ රූගත කිරීම් කරා පල්ලෙහායින් බලන්න කෝ හොදද කියලා








වලගම්භා රජු සැගවී සිටියා යැයි සැලකෙන ලෙන්

පළමු ලෙනෙහි ඇතුලත ( බෝසතුන් බුදු බව පතා යක්ෂයාට දරුවන් දන්දීම )

පළමු ලෙනෙහි ඇතුලත ( බුදුරදුන් ගිලනුන්ට උපස්ථාන කිරීම )

මගදී හමු වූ මිතුරන්
ගල මුදුනෙහි රූගත කිරීම් සිදු කරමින්

ගල මුදුනේ ඇති පොකුණ

ගල මුදුනට පහළ දිස්වන ආකාරය

චෛත්‍ය අසල ඇති ගිරි ලිපිය
තලගම විහාර ගිරි ලිපියෙහි අන්තර්ගතය


ලංකාවේ එකම සාංචි ස්තූපය

ගල මුදුනේ ඇති පොකුණ

ආපසු ගමනේ එන ගමන්






0 comments:

Posted by රසික කරුණාත්න | 0 comments

පින්තූරයක තියෙන English වචන ලේසියෙන් Edit කිරීමට හැකි වන පරිදි සකසමු......


මේ වැඩේ කරන්න අපිට උදවු වෙන්නෙ OCR කියන තාක්ෂණය උපයෝගී කර ගත් පොඩි සොෆ්වෙර් එකක්. ඔබට ස්කෑනර් උපකරනයක් තියනව නම් ඒම සොෆ්වෙර් එක තුලදීම ඔබට අවශ්‍ය දේ ස්කෑන් කර සැනකින් ඔබට Edit කර හැකි පරිදි ස්කෑන් වූ පින්තූරයේ තිබෙන අකුරැ දකුණු පසින් දිස් වේ. මෙම අකුරැ .doc හා .txt ඒකක් ලෙසද අපට ගත හැකියි. හැබැයි ඉතින් තියෙන ලොකුම අවුල තමයි මෙක වැඩ කරන්නෙ English වලට විතරයි.. :(( අහ් තව ඒකක් ලැබෙන පින්තූරයේ පැහැදිලි තාව අනුව තමයි අපට ලැබෙන Output එකේ නිවරදි බව තීරනය වෙන්නේ...... (මේකට ඕන picture වර්ගමක් සපොට් කරනවා)
කෝ ඉතින් කියවනවා විතරයිනේ... මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ ඉස්සරවෙලා ම මෙන්න මෙක බා ගන්නකෝ


හරි දැන් ඕක click කරලා install කර ගන්නකෝ (මේක සාමාන්‍ය අකාරයට install කර ගත හැකියි)
දැන් සොෆ්වෙර් එක open කරන්න.... මෙන්න මෙහෙම BOX එකක් ඔයාලට ලැබෙයි.




මෙහිදී Scan යන්නෙන් ඔබට scan උපකරනය මගින් ස්කෑන් කර ගත හැක. Open මගින් ඔබට පරිගනකයේ picture ඒකක් විදිහට තිෙබන file එකක් තෝරා දිය හැක. ඉන් පසු OCR යන්න ක්ලික් කිරීමෙන් දකුණු පස ඇති තීරැවට එහි ඇති අකුරැ දිස්වේ. අපට මෙවාද කොපි කර ගත හැක. තවද දකුණු පස තීරැවේ ඇති word ලකුන ක්ලික් කිරීමෙන් මෙය word document ඒකකට ලබා ගත හැක.


මෙයද OCR ගනයේ පෙර එකට වඩා ටිකක් සංකීර්ණ soft කෑල්ලක් මේකෙනුත් උත්සහයක් දාල බලන්න.
http://www.pdfocr.net/down/pdfocr.exe

0 comments:

Posted by රසික කරුණාත්න | 0 comments

Data recover කරමු


                   මේ රූපේ දැක්කම දන්නවා ඇති? ඔව්, Data recover කරන්න තියෙන සොෆ්ට් වලින් ලෝකේ ජනප්‍රියම සොෆ්ට් එක තමයි Recuva කියන්නේ. Recuva මෙච්චර ජනප්‍රිය වීමට හේතුවක් කියල මම දකින්නේ Recuva freeware soft එකක් වීමයි. ඒ වගේම data recover කරන අනිත් සොෆ්ට් වලට සාපේක්ෂව ගොඩක් හොඳින් සාර්ථකව වැඩේ කරන එකත් Recuva වල තියෙන විශේෂත්වයක්. ඒ වගේම FAT සහ NTFS කියන file system දෙකටම වැඩ කරනවා. අපේ hard disc නම් බොහෝදුරට NTFS format එකෙන් තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

Recuva කියන්නේ Piriform කියන ආයතනයේ නිර්මාණයක්. මේක freeware එකක් නිසා Piriform site එකෙන්ම බාගන්න පුළුවන් කරදයක් නැතුව. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බාගන්න. බාගෙන ඉන්ස්ටෝල් කරගන්නයි තියෙන්නේ. පාවිච්චි කරන විදිය නම් හොයා ගන්න අමාරුවක් නෑ. මුලින්ම අපිට recover කරන්න ඕනේ file එක මොන ජාතියේ එකක්ද කියල කියන්න ඕනේ, ඒ කිව්වේ පින්තුරද, සින්දුද වීඩියෝද කියල. ඊට පස්සේ ඒ file එක අන්තිමට තිබුනේ කොහෙද කියල දෙන්න ඕනේ. සාමාන්‍ය විදියට delete කරලා ඊට පස්සේ recycle bin එකෙන් remove කරා නම් recycle bin, එහෙම නැතුව කොහේ හරි තියෙද්දී Shift+delete කරා නම් අදාළ ස්ථානය... ඒ විදියට. හැබැයි ඔය option දෙකේදීම මුකුත් තොරතුර නොදී ඉන්නත් පුළුවන්, හැබැයි එතකොට වැඩේ අමාරුයි. දන්නා දේවල් ටික කියලම scan කරන්නයි තියෙන්නේ. එතකොට කාටත් ලේසියි.


                           සමහර විට තොරතුරු හරියටම දීලත් අවශ්‍ය file ටික ගොඩගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට enable deep scan කියන එකට හරියක් දාල ආයිත් scan කරන්න. මුල්ම පාර ඒ හරිය දැම්මත් කමක් නෑ. ඒත් එතකොට ගොඩක් වෙලාව යනවා. අපරාදෙනේ, සමහර විට ඉක්මනින් කරගන්න පුළුවන් වැඩේට පැය ගානක් නාස්ති කරන එක. හැබැයි මෙහෙමයි. සමහර විට එහෙම කරලත් ගොඩ ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක සොෆ්ට් එකේ වැරද්දක් නම් නෙමෙයි. තාක්ෂණික ගැටළුවක් කියල හිතාගන්න. හේතුව මේකයි. ඇත්තටම අපි file එකක් completely delete කරත් ඒක hard disc එකෙන් අයින් වෙන්නේ නෑ. කොම්පියුටරය එක්ක තියෙන සම්බන්දය අයින් වෙනවා විතරයි. Data recover කිරීමේදී ඇත්තටම වෙන්නේ නැවතත් ඒ file හා computer එක අතර සම්බන්දයක් ගොඩ නැගීමයි. නමුත් සමහර වෙලාවට hard එකේ ඔය කියන data ටික තියෙන තැනට වෙන data ටිකක් දැම්මොත් කලින් data ටික නැති වෙනවා. ඒ නැති වෙන්නේ නම් සම්පුර්නයෙන්මයි. ඒ කිව්වේ ආයි මොනවා කරලා වත් ගොඩ ගන්න බැරි විදියට. එතකොට නම් ඉතින් සොරිම තමා.

0 comments:

Posted by රසික කරුණාත්න | 0 comments

ලොකු ලොකු files පොඩි කරගන්න.ා


                       ඔයාල දන්නා archivers එහෙම ගොඩක් ඇති. WinZip, WinRAR වගේ ඒවා. නමුත් මේවා නොමිලේ දෙන ඒවා නෙමෙයි. Trial එකක් විදියට තමයි ගන්න වෙන්නේ. ඒත් නොමිලේ දෙන එකකින් මේ වැඩ ටික මීටත් වඩා හොදට කරගන්න පුළුවන් නම්? එහෙනම් සෑහෙන්න වටිනවා, නේද. මම අද කියන්න යන්නේ එහෙම එකක් ගැන. අහල ඇති 7-zip කියල එකක්. ඔව්, File compress කරන්න තියෙන tools වලින් හොදම එකක් තමයි 7-zip කියන්නේ. ප්‍රමාණයෙන් පොඩියි, පාවිච්චි කරන්න හරිම ලේසියි. ඒ වගේම decompress කරන files corrupt වීමේ අවස්ථාව WinZip, WinRAR වගේ ඒවාට සාපේක්ෂව ගොඩක් අඩුයි.

             මේකෙන් වැඩ කරන්න ලොකු දැනුමක් හැකියාවක් ඕනේ වෙන්නේ නෑ. සරලවම install කරගන්න. ඊට පස්සේ ඕනෑම file එකක් right click කරාම 7-zip කියල option එකක් පේන්න තියෙයි. අපි හිතමු .zip format එ‍කෙන් තියෙන file එකක් කියල. එතකොට 7-zip option එකට ගියාම තියෙනවා open archive, extract files සහ extract here කියල තුනක්. Open archive එ‍කෙන් පුළුවන් extract කරන්නේ නැතුව compress කරලා තියෙද්දීම ඇතුලේ තිඑන දේවල් බලන්න පුළුවන්. Extract here එ‍කෙන් files ටික එතනටම extract කරගන්න හෝ extract files වලින් අවශ්‍ය ස්ථානය තෝරලා දීල extract කරගන්න. පුළුවන්.


            අනිත් පැත්තට කියනවා නම්, ඒ කිව්වේ මොකක් හරි file එකක් compress කරන්න ඕනේ නම් අදාළ file එක right click කරලා add to archive තෝරන්න. එතන තියෙනවා පොඩි පොඩි option ටිකක්. පලවෙනි දෙක තමයි ටිකක් වැදගත්. ඒ කිව්වේ archive format හා compression level කියන දෙක. Archive format වලට 7z හෝ zip කියන දෙකෙන් එකක් දෙන්න, මොකද අනිත් ඒවා වැඩිය බාවිතයේ නැති නිසා. කැමති නම් වෙන format එකක් පාවිච්චි කරන්න. දෙවැනි option එ‍කෙන් වෙන්නේ file එක කොයිතරම් පොඩි වෙනවද, ඒ සඳහා කොච්චර වෙලාවක් ගත වෙනවද කියන එකයි. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙනවා Password එකක් දානවා නම් ඒ පහසුකම. කොහොමත් මේ ඕන දෙයක් ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන් වෙයි. 

          

0 comments:

Posted by රසික කරුණාත්න | 0 comments

DVD burn කරන්න Nero ඕනෙද?


DVD burn කරනවා කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අපේ computer එකේ තියෙන files නිකන්ම CD එකකට DVD එකකට send කරාට වැඩක් නෑ. ඒවා තියෙන්නේ DVD වලට ගැලපෙන format එකකින් නෙමෙයි. ඒක නිසා ඒවා DVD වලට ගැලපෙන විදියට convert කරන්න ඕනේ. Convert කරලා තමයි DVD එකකට ඇතුල් කරන්න ඕනේ. එහෙම කරන ක්‍රියාවලියට තමයි කියන්නේ DVD burn කරනවා කියල. ඔයාල ගොඩක් දෙනෙක් ඒ ගැන දන්නවා ඇති.

                හරි, මේ DVD burn කරනවා කියන කොටම අපි ගොඩක් දෙනෙක්ට එකපාරටම මතක් වෙන තවත් වචනයක් තියෙනවා. ඔව්, NERO. මොකක්ද Nero කියන්නේ? Nero කියන්නේ ප්‍රධාන වශයෙන්ම DVD burn කිරීම සඳහා යොදා ගන්න software එකක්. ඇත්තටම කියනවා නම් Nero කියන්නේ නිකන්ම වෙළඳ නාමයක් විතරයි. ඒ වැඩේටම යොදා ගන්න තවත් software ඕනේ තරම් තියෙනවා. ඉතින් ඇයි Nero ම හොයන්නේ? Nero මෙච්චර ජනප්‍රිය ඇයි? Nero වල DVD burn කිරීමේ පහසුකම විතරක් නෙමෙයි, තව ගොඩක් දේවල් තියෙනවා. Nero මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒක නිසයි. නමුත් Nero බාවිතා කරන්න පොඩි බාධාවක් තියෙනවා. ඒ තමයි Nero නිදහස් මෘදුකාංගයක් නොවීම. Nero වල මිල ඉතා ඉහලයි. ඒ නිසා කට්ටිය කරන්නේ crack/patch හෝ serials හොයාගෙන පාවිච්චි කිරීමයි. ඒකෙත් වැරද්දක් නෑ. ඒත් ඊට වඩා පහසුවෙන් බාවිතා කරන්න පුළුවන්, නොමිලේ ලබා ගන්නත් පුළුවන් සොෆ්ට් තියෙද්දී ඇයි එච්චර දඟලන්නේ?


දැං කියන්න යන්නේ ඒ වගේ නොමිලේ ලබා ගන්න පුළුවන් බාවිතයට පහසු සොෆ්ට් එකක් ගැනයි. ඒකෙ නම Imgburn. DVD burn කරන්න කියල කිව්වට මේකෙන් තව වැඩ ටිකක් කරගන්න පුළුවන්.ඒ කිව්වේ


දැනට DVD එකකට burn කරන්න පුළුවන් විදියට convert කරලා තියෙන image file එකක් burn කරන්න
Convert කරලා නැති file එකක් convert කරලා burn කරන්න
DVD එකකින් image file එකක් නිර්මාණය කරන්න
සාමාන්‍ය file එකක් image එකක් විදියට convert කරන්න වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ සොෆ්ට් එකෙන් DVD එකක් burn කරලා ඉවර උනාට පස්සේ හරියට burn වෙලාද කියල පරීක්ෂාවක් කෙරෙනවා. 100% විශ්වාසයි. අනිත් එක Imgburn ගැන කියන්න තියෙන දේ තමයි, ඒකෙ ප්‍රමාණය. සම්පුර්ණ සොෆ්ට් එකම 6MB වලටත් වඩා අඩුයි. ඒක නිසා බාගන්නත් ලේසියි. ඔන්න එහෙනම් බාගන්න, මෙතන click කරන්න. පහසුවෙන් බාගෙන, පහසුවෙන් Burn කරන්න. ආ.. තව දෙයක් කියන්න ඕනේ. පොස්ට් එක පුරාම DVD කියල පාවිච්චි කරාට මේකෙන් CD, DVD, HD DVD, Blu-Ray කියන ඕනෑම ජාතියක් එක්ක වැඩ කරන්න පුළුවන්. 

0 comments:

Posted by රසික කරුණාත්න | 0 comments

Audio Drivers ලේසියෙන් හොයා ගමු..

            මම මේ දෙන Software එකෙන් පුළුවන් ඔයාලගේ computer එකේ drivers ඔටෝ හොයාගන්න.මේක ගොඩක්ම වටින්නේ පරණ computer වලට.මේක setup කරන්න ඕනේ නැ.අනික ලොකු file අකකුත් නෙමේ.1 mb වගේ පොඩි file එකක්.මේක ගොඩක් වැදගත් dell වගේ computer වල audio driver හොයාගන්න එහෙම.මේ ලින්ක් එකට යන්න.


1. http://www.3dpchip.com/index_eng.html ලින්ක් එකට යන්න

2. Latest 3DP Chip Download කියන එක click කරලා download කරගන්න.

3. Download කරගත් ෆිලේ එක ඕපන් කරගන්න.

4. මේ වගේ ඔයාලගේ computer එකට අදාල driver පෙන්නයි.

5. ඊට පස්සේ ඔයාලට ඕන driver එක උඩ click කරන්න.මන් audio click කරා.බලන්න ඖටෝ driver එක පෙන්නනවා.ඔයාලට අවශ්‍ය ඔපරටින්ග් system එක තෝරන්න.අතකොට file එක දෙනවා.save කරගන්න.

අනිත් drivers ඒ ආකාරයටම down කරගන්න.මේක ගොඩක් වැදගත් audio driver හොයාගන්න.

ඔයාලට මේක උපකාරී වෙන්න ඇති කියලා මම හිතනවා... එහෙනම් සුභ දවසක්...

0 comments:

Posted by රසික කරුණාත්න | 0 comments

මූන පෙන්නල පරිගනකයට ඇතුලු වෙමු.....





යාලුවනේ මේක එල කිරි වගේ වැඩක් කරන්න තියෙන්නෙ සුලු දෙයයි.....
මුලින්ම මෙන්න මේ සොෆ්වෙයාර් එක බා ගන්න පල්ලෙහ තියන ලින්ක් එකෙන්


ඊට පස්සෙ මේක ක්‍රැක් කර ගන්න ඕනෙ එකට මේ යට තියන ලින්ක් එකට ගිහින් ක්‍රැක් එක බා ගන්න




දැන්... මේ පල්ලෙහ තියන වීඩියෝ එකේ විදිහට ක්‍රැක් කර ගන්න


 දැන් වැඩේ ඉවරයි.... දැන් ඉතින් පාස්වර්ඩ් ගගහා වද වෙන්න ඔනෙ නෑ ඔන් කලා මුන පෙන්නුව වැඩේ ගොඩ මේකෙ තව වැඩක් තියනවා කණ්නාඩි දැම්මොත් හරි කොන්ඩෙ වෙනස් උනොත් හරි රැවුල වෙනස් උනොත් හරි එයා ගානට ඔයා කියල අදුර ගන්නව ඒ දේවල් ගැන කිසි දේකට බය වෙන්න එපා......එහෙනන් මම ගියා බුදු සරණයි....... (අවුලක් ගියොත් කමෙන් එකකින් විසඳ ගන්න...)

0 comments: