Posted by රසික කරුණාත්න | 0 comments

Memory Card එකෙන් නැතිවුනු ඕනි දෙයක් CardRecovery වලින් ආයෙත් ගමු!

         CardRecovery™ කියන මේ software එක ඔබගේ chip එකෙහි නැතිවුනු දත්ත ලබා ගත හැකි මෘද්‍රකාංග වලින් ප්‍රසිද්ධියක් උසුලනවා. මේ මෘද්‍රකාංගය ඉතාමත් ක්‍රියාකාරියි. ඒකෙන් ඔයාගෙ නැතිවුනු, මැකුනු, අක්‍රීය වුනු සහ format උනු දේවල් ලබා ගන්න පුලුවන්. මෙම මෘදුකාංගය ඕනෑම Memory Card එකකට වලංගු වෙනවා.
SD (Secure Digital) Card, CF (Compact Flash) Card, xD Picture Card, Memory Stick, MicroDrive, SmartMedia Card, MMC (MultiMediaCard), MicroSD, MiniSD, SDHC යන ප්‍රධාන memory card වලට සහ තවත් බොහෝ memory cards වලට මේක ක්‍රියාත්මක වෙනවා.



දැං අපි මේ software එකේ විශේෂතා බලමු.

  • මකාදැමූ පින්තූර නැවත ලබා ගත හැකි වීම
  • නැතිවුනු පින්තූර නැවත ලබා ගත හැකි වීම
  • නැතිවුනු videos/ movies නැවත ලබා ගත හැකි වීම
  • format කරපු පදේවල් නැවත ලබා ගත හැකි වීම
  • Memory card එකට කියවිය නොහැකි සහ හානියට පත් වුනු දේවල් නැවත යතා තත්වයට පත් කිරීම
  • Flash drivers වල තිබී නැති වූ දත්ත නැවත ලබා ගත හැකි වීම
  • Mobile phones වල තිබී නැතිවුනු Images, Videos නැවත ලබා ගත හැකි වීම
  • මේක support කරන Cards වර්ග
  • Secure Digital card, SD card, SDHC, miniSD, MicroSD (TransFlash) card
  • Compact Flash card, CF Type I, Type II, MicroDrive, CF card
  • Memory Stick, Memory Stick Pro, Duo, Pro-HG, XC, Micro(M2)
  • MultiMedia card, MMC card
  • SmartMedia, flash card
  • xD Picture card
  • Cellular phone, mobile phone memory card and digital media
  • USB flash drive digital image


මේක support කරන අවස්ථා

  • ප්‍රමිතියකින් නැති, හදිසියෙන් මකාදැමුනු පින්තූර නැවත ලබා ගැනීම
  • Format වීමකින් හෝ Delete all වීමෙන් නැතිවූ දත්ත නැවත ලබා ගත හැකි වීම
  • Memory Card ඒකට හානියක් සිඳුවූවෙහාත් ඒම දත්තයන් නැවත ලබා ගත හැකසහ තවත් බොහෝ දේ

    මේක support කරන Photo/Video File Types

  • Picture Formats: JPG ,JPEG ,TIF
  • Video Formats: AVI ,MPG ,MOV ,MPEG, ASF, MP4, 3GP, MTS
  • Audio Formats: MP3, WAV
  • RAW Image Formats: Nikon NEF, Canon CRW and CR2, Kodak DCR, Konica Minolta MRW, Fuji RAF, Sigma X3F, Sony SRF, Samsung DNG, Pentax PEF, Olympus ORF, Leica DNG, Panasonic RAW සහ බොහෝ වර්ග Support කරන කැමරා වර්ග
  • Nikon, Canon, Kodak, FujiFilm, Casio, Olympus, Sony, SamSung, Panasonic
  • Fuji, Konica-Minolta, HP, Agfa, NEC, Imation, Sanyo, Epson, IBM, Goldstar
  • LG, SHARP, Lexar, Mitsubishi, Kyocera, JVC, Leica, Phillips, Toshiba, SanDisk
  • Chinon, Ricoh, Hitachi, Pentax, Kinon, Verbatim, Vivitar, Yashica, Argus, Lumix
  • Polaroid, Sigma සහ මේ වන විට වෙළඳපලේ ඇති සියලුම digital camera වර්ග වලට

මෙය support කරන Flash Memory Card නිෂ්පාදකයන්
  • SanDisk, Kingston, KingMax, Sony, Lexar, PNY, PQI, Toshiba, Panasonic
  • FujiFilm, Samsung, Canon, Qmemory, Transcend, Apacer, PRETEC, HITACHI
  • Olympus, SimpleTech, Viking, OCZ Flash Media, ATP, Delkin Devices, A-Data සහ මේ වන විට වෙළඳපලේ ඇති අනිකුත් cards වර්ග


ඔන්න එහෙනං පල්ලෙහායින් Download කරගන්න.

0 comments:

Posted by රසික කරුණාත්න | 0 comments

3G සිග්නල් වැඩි කරගන්න ඕනද?






                      3G,4G සිග්නල් ! මා සිතන ආකාරයට මේවා ඔබේ දෙසවනට හොඳින් හුරු පුරුදු ඇති!  4G නම් ඉතින් කොටින්ම නෑනේ ! ඒ වාගේම තමා ඔය සන්නිවේදන සමාගම් කියන තරම් ලංකාව 3G සිග්නල් වලින් ආවරණය කරලත් නෑ !!!!! මමත් එහෙම පැත්තක කෙනෙක් තමා !අපේ පැත්තට 3G සිග්නල් නෑ ! යාන්තමටවත් තියෙන්නේ USB CABLE එකක් ගහලා මීටර් 10ක් විතර උඩට දාපුහමඑහෙම තියෙන්නෙත් DIALOG විතරයි! ඒකත් ඉතින් WCDMA DAILOG කියලා විතරයි! සිග්වල් 0යි නේද? ඔය ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන යද්දී තමා මට මේ අලුත් විදියේ ගැජමැටික් ක්‍රමයක් සෙට් වුනේ ! හරි ඉතින් මම දැන් කියලා දෙන්න යන්නේ 3G සිග්නල් අඩුනම් වැඩි කරගන්න විදියක් ගැනයි. මුලින්ම ඔයාලට පහත දාලා තියෙන බඩු ටික උවමනා වෙනවා.

1.HSDPA Dongle(මෙවා ඔයාලා ලඟ තියනවනේ)




2.USB Extension cable ( 10 meter තියනවනම් හොඳයි 5ක් තිබුනත් ඇති)





3. 8 Pieces of Single Core wires(මොනවද කියලද බලන්නේ ! ඔන්න E-Bay සයිට් එකෙන් ගෙදරටම ගෙන්න ගන්න ලින්ක්-http://goo.gl/jeyBh

http://goo.gl/ZGs1A

(මේවා හොයා ගන්න නැති කට්ටියටත් ක්‍රමයක් තියනවා අවසානයටම රූපෙකුත් එක්ක)



මුලින්ම USB කේබල් එක අරගෙන මේ පහත රූපයේ විදියට සකසා ගන්න.

උවමනාවට වැඩිය ඔය Single Core wires දාන්න එපා 8 ක් විතර දාපුවම ඇති.

ඊලඟට Single Core wires අගින් ටිකක් නමන්න.



දැන් USB Cable එයට ඩොන්ගල් එක සවි කරන්න පහත විදියට.



දැන් සිග්නල් වැඩි වෙනවා සුවර් එකටම ! හැබැයි පහත විදියටම කරොත් තවත් හොඳයි

ඩොන්ගල් එක සහිත USB Cable එක මුලු වල තියන්නේ නැතිව එළියට විවෘත්ව තියන්න(ඒ කියන්නේ අස්සක තියන්නෙ නැතිව උඩකින් එළියට වෙන්න තියන්න)

# හොඳට හිරු එළිය තියන හුලං තියන ස්වාභාවික පරිසරයක ඩොන්ගල් එක සහිත USB Cable තියන්න.

දැන් ඔය Single Core wires නැති කට්ටිය මේ පහත රූප වල තියෙන විදියට කරන්න.

!!!!!!මේ මුකුත්ම නැත්තන් ඇලුමිනිම් තේ ගොට්ටක් උනත් ගන්න පුලුවන් !!!!!!!!





ඔන්න එහෙනම් වැඩේ ඉවරයි!
මම අදට ගියා. කමෙන්ට් එකක් දාලා තරඟෙට සප් එකක් දෙයි කියලා මම හිතනවා

0 comments:

Posted by රසික කරුණාත්න | 0 comments

කරදර කාර මදුරුවෝ පවුල් පිටින් මරමු......


                 යාලුවනේ අද මම ඔයාලට පට්ටම වැඩක් කියල දෙන්ට යන්නෙ මෙකෙ වටිනා කම නිම කරන්ටනම් බැහැ එත් මේක කරන්ට කිසිම වටිනා කියන දෙයක් ඕන වෙන්නැහැ මේක ඇවිත් යාලුවනේ මදුරුවේ කිලෝ ගනන් අල්ලන්ට පුලුවම් හරියට කලොත් පට්ටම ලේසි යාලුවනේ ඩෙංගු ගැන මේ දවස් වල හෝ ගාල කතාවෙනවා මේ වගේ එකක් හදල බලන්ට සාර්ථක ක්‍රියාකර කමක් පට්ටම ලේසී යාලුවනේ ජපානය වගේ රට වල මේ වගේ හදපු මැෂින් ගන්ට තියන කරන්ට් එකෙන් වැඩ කරන ඉතිම් අපිටම කියල එකක් හදාගන්න එක කොයි තරම් දෙයක්ද යාලුවනේ........

මේකට අවශ්‍ය දේවල් නම්...................

ප්ලස්ටික් බෝතලය ( මේ සදහා ප්ලාටික් බීම බෝතලක් සෑහේ)
ඊස්ට් (yeast)කෝප්ප බාගයක්


සීනි (sugar) කෝප්ප බාගයක්


උනු වතුර කෝප්පයක්

කලුපාට කඩදාසියක් හා සෙලෝටේප්








හරි යාලුවනේ දැන් වැඩේ පටන් ගමු.......................

1. මුලින්ම යාලුවනේ ඔයාලා ගත්ත ප්ලාස්ටික් බෝතලට කපාගන්ට ඕන කපාගැනීමේ දී බෝතලයේ හරි මැද ඉදල බෝතලයේ උඩ පැත්තට අගල් 2ක් පමන තියා හරි මැදින් කපා ගන්ට( පහත රූපයේ ආකාරයට)




2. දැන් යාලුවනේ ඔයාලා ගත්ත උනුවතුර කෝප්පෙට සීනි කෝප්ප බාගය දාලා හොදට කලවම් කර ගන්ට වතුර ටිකක් වැඩි කලත් කමක් නෑ ගොඩක් නෙවෙයි පොඩ්ඩක්

3. හොදට සීනි ටික දිය උනාට පස්සෙ ඒකට ඔයාල ගත්ත ඊස්ට් කෝප්ප බාගෙත් දාල හොදට දිය කරන්ට හොදට දිය උනාට පස්සේ අමුතූ සුවදක් එයි ටිකක් උකුවටත් තියෙයි





4. දැන් යාලුවනේ ඔයාල කපාගත් ප්ලාස්ටි බෝතලයට හදාගත්ත මිශ්‍රණය දාලා බෝතලයේ කපල අයින් කරපු අනිත් කෑල්ල අනිත් පැත්ත හරවලා බෝතලය ඇතුලට දාන්ට (බෝතලයේ කට තියන පැත්ත බෝතලය ඇතුලට සිටින සේ)




5. ඊලග ඔයාලා ගත්ත කලුපාට කඩ දාසිය ඔයාල හදාගත්ත බෝතලය වටේ හොදට ඔතන්ට "කිසිම විටකදි බෝතලය පැත්තකින් බලනකොට ඇතුලේ තියන මිෂ්ශ්‍රනය නොපෙනෙන විදිහට ( හැබැයි යාලුවනේ බෝතලේ උඩින් වහන්ට එපා කිසිම වෙලාවක එතනින් තමා මදුරුවෝ ඇතුලට යන්නේ



6. දැන් යාලුවනේ වැඩේ කරල ඉවරයි දැන් ඔයාල හදා ගත්ත බෝතලේ කොහෙ හරි මුල්ලකින් තියල පහුවදාට බලන්ටකෝ මදුරුවෝ ගනන් කරන්ට බැරි තරම් ඉදී හරියට කරානම් කදුරු කොයිල් ඕන නෑ......................



යාලුවනේ මේක ගැන කියනවානම් මේකෙන් වෙන්නේ අපෙ ඇගෙන් පිට වෙනවා වගේ උෂ්ණත්වයක් මේකෙන් පිටවෙනවා මෝඩ මදුරුවෝ මේක ඇතුලට යනවා ලේ බොන්ට යාලුවනේ ලේ කියල හිතාගෙන ගිහින් අතුලි තියන මිශ්‍රණයේ වහනව වහනකොට මොකද වෙන්නේ මදුරුවා ඇලෙනවා මිශ්‍රණයේ ඉතින් අන්තිමට මැරිලා යනවා පව්ල් පිටින් ඔයාලත් කරල බලන්ටකො .............

0 comments:

Posted by රසික කරුණාත්න | 1 comments

Windows Password කඩමු...

   කොහොමද කට්ටිය මම හිතනවා හොදින් ඇති කියලා...  ගියපාර මම ඔයාලට දුන්නේ මේ දවස් වල දැනගෙන ඉන්න ඔන දෙයක්. මම මේ පාර ගෙනාවේ ඊට වඩා වෙනස් දෙයක්, මේක Windows මෙහෙයුම් පද්ධති පාවිචි කරන කට්ටියට ගොඩාක් වැදගත් වෙයි.

   ගොඩාක් වෙලාවට බොහෝ දෙනා පරිගණක සඳහා රහස් පද පාවිචි කරන්න පුරුදු වෙලා ඉන්නවා, ඉතිං මේ රහස් පදේ අමතක වුනොත් මොකද කරන්නේ ? නැත්තං රහස් පදේ දන්නැති කෙනෙක්ගේ පරිගණකයට හොරෙන් ඇතුල් වෙන්නේ කොහොමද ?? අන්න ඒකට තමා මම අද ගෙනාපු දේ වැදගත් වෙන්නේ....

මුලින්ම පහත ලින්ක් එක ක්ලික් කරලා මේ සොෆ්වෙයාර් එක ඩවුන්ලොඩ් කරගන්න....
http://www.mediafire.com/?r4sk4iirixy4k7c

( වැඩිය නෑ 5.56 MB විතර තියෙන්නේ)

හරි ඊට පස්සේ මේකේ තියෙන 

හරි ඊට පස්සේ මේකේ තියෙන ALL Windows Password Remover කියන ISO Image එක CD එකකට රයිට් කර ගන්න.

හරි දැන් ඔයා ගාව ඔය තියෙන්නේ වින්ඩොස් පාස්වර්ඩ් කඩන්න පුලුවන් CD එකක්,

දැන් ඔයා ඔයාට පාස්වර්ඩ් කඩන්න ඔක මැෂින් එක මේ සීඩී එක දාලා සීඩී එක බුට් කරන්න. එතකොට එයි PRESS ANY KEY TO BOOT FROM CD දැන් කැමති බොත්තමක් ඔබන්න.
 ( පහත රූපයේ ආකාරයට )


හරි ඊට පස්සේ පහත රූපයේ ආකාරයට එයි ඒකේදී කරන්න තිනේනේ ඔයාට පාස්වර්ඩ් අයින් කරන්න ඔක එකවුන්ට් එක තෝරගන්න.


අපි උදාරණයකට Administrator එකේ පාස්ර්ඩ් එක කඩන්න ඔන කියලා හිතමු. එහෙනං 1 ඔබන්න.

හරි ඊලගට වැටෙනවා Youre about to reset administrator's password. are you sure ? කියලා එතකොට "Y" බොත්තම ඔබන්න.



හරි දැන් Administrator එකවුන්ට් එකේ පාස්වර්ඩ් කැඩිලා ඉවරයි ඊට පස්සේ අහනවා Reset password for another accouny? කියලා එතකොට "Y" ඔබන්න ඊට පස්සේ මැෂින් එක රිස්ටාට් වෙනවා දැං පාස්වරඩ් නැඩිලා ඉවරයි..



එහෙනම් මම යනවා සුභ දවසක්.. මේකේ හොද නරක කියලා කමෙන්ට් එකක් දාන්න... එක මගේ මේ තරඟෙට ලොකු හයියක් වෙයි...

                                                                    ජය වේවා!!!

1 comments:

Posted by රසික කරුණාත්න | 0 comments

අකුණු ගැන යමක්...

කොහොමද යාලුවනේ මේ දවස් වල අකුණු ගහල වැහිනවනේ ඉතින් හිතුනා අකුණු ගැන ටිකක් කියන්න 

             ඔයාල දන්නවනේ PVC බටයක් රෙදි කැබැල්ලකින් පිරිමදින විට PVC බටය ආරෝපණය වී කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය කරනවා කියලා...මේ ආකාරයට වලාකුළු පිරිමැදීමෙන් හෝ වෙනත් ආකාර වලින් විදුලි ආරෝපණය ලබනවා....දැන් මෙම වලකුලත් පොළොවත් අතර වාතය, පරිවාරකයක් ලෙස ක්‍රියා කරනවා.මෙසේ ආරෝපණය ලබන වලාකුලුවල ආරෝපණය එක්තරා ප්‍රමාණයකට වඩා අධික වීමෙන් වාතය ධ්‍රැවනය වී පරිවාරකත්වය බිද වැටී වලාකුලත් පොළොවත් අතර අධික ආරෝපණ ධාරාවක් නිදහස් කරනවා.මෙය අකුණුනක් ලෙස හදුන්වනවා.

                ඔබ අහල ඇති අකුණු සන්නායක ගැන,අකුණු වලින් ආරක්ෂා කිරීම සදහා ගොඩ නැගිලි වල ඉහලම ඉස්ථානයේ සවි කරනවා,එක කෙළවරක් තුඩු සහිත ලෝහ කුරු පද්දතියක් වන අතර අනික් කෙලවර ගොඩනැගිල්ල දිගේ පහලට දිවෙන ගනකම තඔ පටියකට සම්බන්ද කොට ඇති අතර පහල කෙලවර හොදින් භුගත කර ඇත. මෙය අකුණු සන්නායකයක් ලෙස හදුන්වනවා. අවශ්‍ය ප්‍රදේශයේ ඉහලින් සවිකර භූ ගත කර ඇතිවිට, ආරෝපිත වලාකුලක් එය අසල පවතින විට අකුණු සන්නායකය මගින් වලාකුලට විරුද්ද වර්ගයේ ආරෝපණ (පෘථවිය ප්‍රේරණයෙන් ලබන ආරෝපණ )තුඩු මත සාන්ද්‍ර වෙනවා.මෙම ආරෝපණ වලාකුළ වෙත ගමන් කර වලාකුළ උදාසීන කිරීමෙන් අකුණක් ඇතිවීම වලකයි. මෙසේ අකුණක් ඇතිවීම වැලක් වීමට තරම් ප්‍රමාණවත් සීග්‍රතාවයකින් අකුණු වලාකුළු උදාසීන නොවේ නම් අකුණ ඇති වන්නේ වලකුලත් සන්නායකයත් අතරය. අනිකුත් ප්‍රදේස ආරක්ෂා වන නමුත්, අකුණක් අධික විදුලි ධාරාවක් බැවින් එක අකුණක් මගින් අකුණු සන්නායකය සම්පුර්ණයෙන්ම විනාශ වීමටද හැකිය..අකුණු සන්නායකයක් මගින් සන්නයකයේ සිට පහත රුපයේ ආකාරයට කවාකාර පදෙසක් අකුණු වලින් ආරක්ෂා වේ.
              ඔයාල දන්නවද? චෛත්‍ය වල කොත් කැරැල්ල අකුණු සන්නායකයක් ලෙස ක්‍රියා කරනවා. බලන්න චෛත්‍යක හැඩය,අකුණු සන්නායකය මගින් මුළු චෛත්‍ය ආරක්ෂා වෙන ලෙස, පහල මළුවේ බැතිමතුන් හට අනතුරකින් තොරව ආගමික කටයුතු කරගෙන යාමට, චෛත්‍ය නිර්මාණය කරලා තියන අපූරුව.... අකුණු සන්නායකය සොයා ගැනීමට පෙර අපේ රටේ අකුණු සන්නායක භාවිතා කරලා තියනවා..... පුදුමයි නේද?



අකුණු වලින් ආරක්ෂා වීමට නම්........


                           අපි හිතමු අකුණු වලාකුළ (-) අරෝපනයන්ගෙන් සෑදී තියනවා කියලා මෙවිට අකුණු (+) ආරෝපණ වෙත ආකර්ශනයක් දක්වනවා....පොලවේ උස ස්ථානයක්, අකුණක ඉලක්කයක් වෙන්න පුළුවන් අපි හිතමු ඔබ හුදකලා තැනක(වෙල්යායක හෝ පිට්ටනියක හෝ වැවක) සිටිනවා කියලා, එවිට ඔබගේ හිස එම ස්ථානයේ උසින්ම තියන තැනක් වෙනවා (අපේ ශරීරයත් යම් තරමක සන්නායකයක්, ඉහත ආකාරයට යම් තරමට ආරෝපණ සාන්ද්‍ර වීමට හැකිය ) මෙවිට ඔබගේ හිස අකුණක ඉලක්කයක් වෙන්න පුළුවන්,වැවක ඇලක දිය නාමින් සිටින අවස්ථාවක් සිතන්න කෙලින්ම අකුණු සැරයක් නොවදුනත් ඔබ ජලයේ සිටින නිසා අකුණු සැර වැදීමට පුළුවන(ජලය හොද සන්නායකයක් නිසා), අකුණු ඇති විටෙක කිසි විටෙකත් එළිමහනේ නොසිටින්න. අකුණක් වැදීමට අසන්න නම් මේ ආකාරයට කොණ්ඩය පිහිටන්න පුළුවන්....

ඔයාල අහල ඇති කෙලින්ම අකුණු සැරයක් නොවදුනත් හරකුන් වැනි පාද ඈතින් ඇති සතුන් මිය ගිය අවස්ථා,

        අපි හිතමු ඔබ ගසක් යට හෝ ඒ ආසන්නයක සිටිනවා කියා ඔබට කෙලින්ම ඔබට අකුණක ඉලක්කයක් නොවුනත් ගසට අකුණු සැරයක් වැදුන කියා එහෙත් ඔබට මිය යාමට පුළුවන....දැන් බලමු ඒ කොහොමද කියලා අපි හිතමු අකුණක වෝල්ටීය තාවය 150000V කියලා ගසට අකුණු සැරය වැදීමෙන් ගසේ කදේ තෙතමන සහිත මාර්ගය හරහා විශාල ධාරාවක් ගමන් කොට ගසට ඇතුළු වන මේ ධාරාව පසුව පොළවේ පෘෂ්ඨය දිගේ ගලා යනවා. මේ ආකාරයට පොළව දිගේ 150000V පමණ සිට 0V දක්වා ක්‍රමයේ අඩුවෙන වක්‍රාකාර වළලු ආකාරයට වෝල්ටීය තාවය පවතිනවා(මේ වක්‍රාකාර වළලු වලට කියන්නේ සම විභව රේකා කියලයි.) මේ ආසන්නයේ පොළොව මත 1m පමණ පරතරයකින් පිහිට ඇති ලක්ෂ්‍ය දෙකක් අතර විභව අන්තරය මගින් ජීවිතය පවා නැතිවිය හැකි ධාරාවක් මිනිසෙකුගේ හෝ සතෙකු හෝ තුලින් ගමන් කල හැකිය.අපි එළිමහනේ සිටින සතෙකුගේ (ගවයෙක්) පාද 1m පමණ ඈතින් පිහිටා ඇතැයි සිතමු. (ඉහත රුපයේ ආකාරයට) ගවයාගේ ඉදිරි පාද 8000V විභවයකත් පසු පාද 5000V විභාවකත් පිහිටලා තියනවා කියල සිතමු මෙවිට ගවයා 3000V විභව අන්තරයකට ලක් වෙනවා ඉතින් හිත ගන්න පුළුවන්නේ නේද?මොකද වෙන්නේ කියල,(මිනිසෙක් මේ ආකාරයට සිටී නම්,ඒත් වාසනාවකට පාද එතරම් ඈතින් තියාගෙන ඉන්නෑ) මෙවැනි විභව අන්තරයක් මගින් ඇතිවිය හැකි බලපෑම, පාද එකලග තබා ගැනීමෙන් අවම කල හැක. (මේ ආකාරයටම අධි වෝල්ටීයතා රැහැනක් කඩ වැටීමෙන් ද සිදු විය හැක.)

             සංවෘත කම්බි රාමුවක් සලකමු මෙවැනි රාමුවක් සංවෘත පුඩුවක් ලෙස හදුන්වනවා මේ අසල වෙනස් වන චුම්බක ක්ෂේත්‍රයක් හට ගැනීමේදී පුඩුව වට ධාරාවක් ප්‍රේරණය වේ. අකුණක් ගැසීමේදී අධික ධාරාවක් හට ගනී මේ හේතුවෙන් ඒ අසල ක්ෂණික චුම්භක ක්ෂේත්‍රයක් ඇති වේ මේ අසල සංවෘත පුඩුවක් පවතී නම් පුඩුව තුල විශාල ධාරාවක් ප්‍රේරණය වේ. විදුලිය බෙදා හරින රැහැන්,දුරකථන රැහැන්, TV ඇන්ටනා මෙවැනි ආකාරයක සංවෘත පරිපතයකි.මේ අසල ස්ථානයකට අකුණු සැරයක් වැදීමෙන් අධික වෝල්ටීය තවක් ප්‍රේරණය වේ. සංවෘත පුඩුවක් නම් විශාල ධාරාවක් ප්‍රේරණය වීමෙන් විදුලි උපකරණ පිලිස්සී යයි.(විදුලිය බෙදා හරින රැහැන් වල ආරක්‍ෂිත උපකරණ සවිකර තිබුනද,මේවා සෑම තැනම සවිකර නොතිබීමත් සහ ඒවාද විනාශ වීමට ඉඩ පවතින බැවින් අවදානමක් පවතී)මෙම ඉලෙක්ට්‍රොනික උපකරණ වල switch එක නිවා දම ඇතායි සිතන්න,නමුත් ඇතිවන අධික වෝල්ටීය තාවය නිසා switch එකෙන් spark වීමට පුළුවන,ස්විට්ච් එක නිවා දම තිබුනද එයින් කිසිදු පලක් නොවේ විදුලි උපකරණය සම්පුර්ණයෙන්ම විනාශ වී යාමට ඉඩ ඇත. එසේනම් ඔබ.....විදුලි උපකරණයේ, internet router එකේ,TV ඇන්ටන එකේ,වයර් එක ප්ලග් එකෙන් ගලවා තබන්න එවිට වටිනා උපකරණ ආරක්ෂා කර ගත හැකිය....
            mobile phone වලට අකුණු වලින් අවදානම අවම වුවත්, රැහැන් සහිත දුරකතන,විදුලි කම්බි,නල තුල ඇති ජල මගින් පවා නිවාස තුලට අකුණකින් ඇතිවන ධාරාවක් ඇතුළු වීමට හැකිය.මේ නිසා අකුණු ගසන අවස්ථා 
වලදී දුරකථන රෑපවාහිනී වැනි විද්‍යුත් උපකරණ භාවිතයෙන් වැළකිය යුතුය....

0 comments:

Posted by රසික කරුණාත්න |

ආරම්භය

සුභ දවසක්,

         මෙම  බ්ලොග් අඩවිය නිර්මාණය කරන ලද්දේ කෑගලු විද්‍යාලය මගින් දෙවන වරට පවත්වනු ලබන VITS Blog Buz තරඟා වලියට ඉදිරිපත් කිරීමටයි.
        මෙම බ්ලොග් අඩවියෙහි අප පාසලේ ඉතිහාසය හා කෙටි හැදින්වීමක් අන්තර්ගත වේ. මෙහි ප්‍රධාන අන්තර්ගතය වන්නේ එදිනෙදා ජීවිතයේදී පරිගණක භාවිතයේදී ඇති වන ගැටළු හා ඒවා නිරාකරණ කර ගන්නා අන්දම සහ වෙනත් තාක්ෂණික ගැටළු නිරාකරනය කරන අන්දමයි.