Posted by රසික කරුණාත්න | 0 comments

3G සිග්නල් වැඩි කරගන්න ඕනද?






                      3G,4G සිග්නල් ! මා සිතන ආකාරයට මේවා ඔබේ දෙසවනට හොඳින් හුරු පුරුදු ඇති!  4G නම් ඉතින් කොටින්ම නෑනේ ! ඒ වාගේම තමා ඔය සන්නිවේදන සමාගම් කියන තරම් ලංකාව 3G සිග්නල් වලින් ආවරණය කරලත් නෑ !!!!! මමත් එහෙම පැත්තක කෙනෙක් තමා !අපේ පැත්තට 3G සිග්නල් නෑ ! යාන්තමටවත් තියෙන්නේ USB CABLE එකක් ගහලා මීටර් 10ක් විතර උඩට දාපුහමඑහෙම තියෙන්නෙත් DIALOG විතරයි! ඒකත් ඉතින් WCDMA DAILOG කියලා විතරයි! සිග්වල් 0යි නේද? ඔය ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන යද්දී තමා මට මේ අලුත් විදියේ ගැජමැටික් ක්‍රමයක් සෙට් වුනේ ! හරි ඉතින් මම දැන් කියලා දෙන්න යන්නේ 3G සිග්නල් අඩුනම් වැඩි කරගන්න විදියක් ගැනයි. මුලින්ම ඔයාලට පහත දාලා තියෙන බඩු ටික උවමනා වෙනවා.

1.HSDPA Dongle(මෙවා ඔයාලා ලඟ තියනවනේ)




2.USB Extension cable ( 10 meter තියනවනම් හොඳයි 5ක් තිබුනත් ඇති)





3. 8 Pieces of Single Core wires(මොනවද කියලද බලන්නේ ! ඔන්න E-Bay සයිට් එකෙන් ගෙදරටම ගෙන්න ගන්න ලින්ක්-http://goo.gl/jeyBh

http://goo.gl/ZGs1A

(මේවා හොයා ගන්න නැති කට්ටියටත් ක්‍රමයක් තියනවා අවසානයටම රූපෙකුත් එක්ක)



මුලින්ම USB කේබල් එක අරගෙන මේ පහත රූපයේ විදියට සකසා ගන්න.

උවමනාවට වැඩිය ඔය Single Core wires දාන්න එපා 8 ක් විතර දාපුවම ඇති.

ඊලඟට Single Core wires අගින් ටිකක් නමන්න.



දැන් USB Cable එයට ඩොන්ගල් එක සවි කරන්න පහත විදියට.



දැන් සිග්නල් වැඩි වෙනවා සුවර් එකටම ! හැබැයි පහත විදියටම කරොත් තවත් හොඳයි

ඩොන්ගල් එක සහිත USB Cable එක මුලු වල තියන්නේ නැතිව එළියට විවෘත්ව තියන්න(ඒ කියන්නේ අස්සක තියන්නෙ නැතිව උඩකින් එළියට වෙන්න තියන්න)

# හොඳට හිරු එළිය තියන හුලං තියන ස්වාභාවික පරිසරයක ඩොන්ගල් එක සහිත USB Cable තියන්න.

දැන් ඔය Single Core wires නැති කට්ටිය මේ පහත රූප වල තියෙන විදියට කරන්න.

!!!!!!මේ මුකුත්ම නැත්තන් ඇලුමිනිම් තේ ගොට්ටක් උනත් ගන්න පුලුවන් !!!!!!!!





ඔන්න එහෙනම් වැඩේ ඉවරයි!
මම අදට ගියා. කමෙන්ට් එකක් දාලා තරඟෙට සප් එකක් දෙයි කියලා මම හිතනවා

0 comments: